Posts

Showing posts from December, 2022

හානා හීය පානා අඩහැරෙන්දැනේ (විචාරය)

          මුනි සිරිපා සිඹිමින්නේ   01. මෙම නිර්මාණය සඳහා උපයුක්ත භාෂා ශෛලිය පිළිබඳ ඇගයීමක්  කරන්න.                    ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමියන්ගේ හෘදයාග්‍රාහි මෙම ජාතික වීර කාව්‍යයේ උපත සිදුවුයේ ගන්නොරුව ප්‍රදේශයේ සුන්දර වෙල්යායක පොල් අතු පැලකදී ය.ඊට දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල යන නම යොදා ඇත.මෙය ළමයින් අරමුණු කරගෙන මුළු මහත් ජාතියම අමතන වීර කාව්‍යයකි                    දරුවන් අරමුණු කරගෙන ලියූ නිසා දරුවන්ට අවබෝධ කරගත හැකි ඉතා සරල භාෂා ව්‍යවහාරයකින් මෙම පද්‍ය පන්තිය නිර්මාණය කිරීමට උන් වහන්සේ වග බලාගෙන ඇත.   මුනි සිරිපා                     සිඹිමින්නේ    සමනොළ ගිරි            පෙදෙසින්නේ    මඳ සුළඟයි                   මේ එන්නේ      මගේ පුතා          ...