හානා හීය පානා අඩහැරෙන්දැනේ (විචාරය)
මුනි සිරිපා සිඹිමින්නේ
01. මෙම නිර්මාණය සඳහා උපයුක්ත භාෂා ශෛලිය පිළිබඳ ඇගයීමක් කරන්න.
ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමියන්ගේ හෘදයාග්‍රාහි මෙම ජාතික වීර කාව්‍යයේ උපත සිදුවුයේ ගන්නොරුව ප්‍රදේශයේ සුන්දර වෙල්යායක පොල් අතු පැලකදී ය.ඊට දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල යන නම යොදා ඇත.මෙය ළමයින් අරමුණු කරගෙන මුළු මහත් ජාතියම අමතන වීර කාව්‍යයකි
දරුවන් අරමුණු කරගෙන ලියූ නිසා දරුවන්ට අවබෝධ කරගත හැකි ඉතා සරල භාෂා ව්‍යවහාරයකින් මෙම පද්‍ය පන්තිය නිර්මාණය කිරීමට උන් වහන්සේ වග බලාගෙන ඇත.
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිදියන්නේ
දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල යන නම යොදා ඇති නිසා නැළවිලි ගීයක ස්වභාවය ඉස්මතු වන්නට ඉහත කවියේ ආකාරයට මගේ පුතා නිදියන්නේ යනුවෙන් දක්වා ඇත. දරුවෙකුට සුදුසු ආදරණීය ආමන්ත්‍රණයක් ලෙස "මගේ පුතා" යන්න දක්වා ඇත. ඒ අනුව පද්‍ය පන්තියේ අරමුණට සුදුසු ආමන්ත්‍රණ නිතර යොදමින් සරල භාෂා ශෛලියකින් ලියා ඇති නිසා ඉතා සාර්ථක පද්‍ය පන්තියක් ලෙස හැදින්විය හැකි ය.
දේශාභිමාන හැඟීම් අවදිවන ලෙස කවි රචනා කිරීමට ද උන්වහන්සේ වග බලාගෙන ඇත. තමා උපන් රටට තමන්ගේ ජාතිය ආගමට තමන් විසින් යුතුකම් ඉටුකළ යුතු බවත් ඉතාම සරල භාෂාවෙනුත් ජාතිකාභිමානී හැඟීම් අවදිවන අයුරිනුත් කවි ලියු බව පහත කවි වලින් පැහැදිලි වේ.
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙ ලොවේ
සමත් වෙතොත් පුතා නුඹ වේ
ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන් නම්
උඹයි මගේ පුතා උතුම්
ආගම මිණි පහනක් වේ යනුවෙන් උපමා භාවිත කර ඇත.
උදා:- කාටත් හිමි පොදු දේ නම්
නැති - බැරි හිඟ අවහිරකම් යනුවෙන් ස්වාභාවොක්තියෙන් කවි ලියා ඇත.
ඉහත සියල්ල සලකා බැලීමේ දී පද්‍ය පන්තිය සඳහා කවියා උපයුක්ත භාෂා ශෛලිය කවියෙහි අරමුණුවලට ඉතාම සුදුසු ලෙස යොදාගෙන ඇති බව කිව හැකිය.
Comments
Post a Comment